ඇමති මණ්ඩල සංශෝධනය වෙනුවට වැඩබලන කැබිනට් ඇමතිවරු 4ක්

ඇමති මණ්ඩල සංශෝධනය වෙනුවට වැඩබලන කැබිනට් ඇමතිවරු 4ක්

අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදීම හේතුවෙන් කැබිනට් අමාත්‍යධුර අහිමිව පුරප්පාඩුවූ අමාත්‍යංශ 6 ක් සඳහා නව අමාත්‍යවරුන් පත්කිරීම අද (11) සිදුවිය.

ඒ අනුව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම, අපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය , ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුස්තාෆා සහ සමාජ සවිබල ගැන්වීම් සුබසාධන කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය සහ කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙනු ලැබිණ.

මෙම අමාත්‍යවරුන් දැනට දරන අමාත්‍යධුර වලට අමතරව මෙම කැබිනට් අමාත්‍ය ධූර ලබාදී ඇති අතර ඒද තාවකාලික පදනමින් බවද ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මීට පෙර පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිතව තිබුණත් එය මේ වන විට සිංහල හින්දු අලුත් අවුරුද්දට පසු සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශයද මේ බව තහවුරු කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න