16 කණ්ඩායම අනාථයි : හතර මායිමේ වද්දගන්න එපා - පොහොට්ටුවෙන් දැඩි බලපෑම්

16 කණ්ඩායම අනාථයි : හතර මායිමේ වද්දගන්න එපා - පොහොට්ටුවෙන් දැඩි බලපෑම්

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එක්වූවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එහි ආසන සංවිධායකයන් ලෙස පත්කර නොගන්නා ලෙස දැඩි බලපෑම් එල්ලවී තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

රහස් සාකච්ඡා මාට්ටු

වාර්තා වන ආකාරයට මේ ආකාරයට ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ නායකත්වයට බලපෑම් එල්ල වෙන්නට ගෙන තිබෙන්නේ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව එම පාර්ශවයේ නායකත්වය සමඟ රහස් සාකච්ඡා සිදුකරන බවට අනාවරණය වීමත් සමඟය.

පොහොට්ටුවේ කොළඹ නායකත්වයට සුසිල්ව යෝජනා කරලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු සඳහන් කළ ආකාරයට සුසිල් ප්‍රේම්ජයන්ත, දයාසිරි ජයසේකර, ජෝන් සෙනවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ඇතුළු පිරිසගේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ආසන සංවිධායක ධූර ලබාදෙන ලෙස ඉලමින් සාකච්ඡා සිදුව ඇත.

එසේම සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය සඳහා පත්කරන ලෙසත් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවද වාර්තා වේ. අදාළ ඉල්ලීම සිදුකරමින් ශ්‍රීලනිප 16 කණ්ඩායම සඳහන් කර ඇත්තේ ඒ හරහා නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින්නේ පොදුජන පෙරමුණේ බවට පාක්ෂිකයන්ට තහවුරුවක් ලබාදිය හැකි බවත් එය වැදගත් දේශපාලන වාසියක් වන බවය.

dulas rmesh yapa jonsion 600pxපොහොට්ටුවේ නායකයන් බැසිල් හමුවෙයි : පොදුජන පෙරමුණ දේශපාලන යාචකයන්ගේ අගුපිලක් කරන්න එපා කියයි 

කෙසේ වුවත් මේ රහස් සාකච්ඡා අනාවරණය වීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් සහ ප්‍රබලයින් රැසක් බැසිල් රාජපක්ෂ මහතා හමුවී රහස් සාකච්ඡා සම්බන්ධව සිය දැඩි අප්‍රසාදය පළකර ඇත.

එහිදී මාතර ට නායකත්වය දෙන මහින්ද යාපා අබේවර්ධන සහ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරුන් විසින් ලක්ෂමන් යාපා අබේවර්ධනට මාතර ආසනයක් භාර නොදෙන ලෙසත් ගාල්ලේ ආසනයක් චන්දිම වීරක්කොඩිට නොදෙන ලෙස රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාත් බැසිල් රාජපක්ෂ හමුවී ඉල්ලා ඇත.

fa1d42fea127795dea89c74e9db9e30c xlවිශ්‍රාම යන්න කියන්න: ජෝන් අයියා හැර අනිත් සේරම අපේ - පවිත්‍රා 

එසේම රත්නපුර දේශපාලනයෙන් විශ්‍රාමයායුතු ජෝන් සෙනවිරත්න වැන්නෙකුට රත්නපුරේ ආසනයක් නොදෙන ලෙස පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය ඉල්ලා ඇති බවත් රත්නපුරේ ජෝන් හැර අනෙක් සියළු නායකයන් තම පාර්ශවයේ බැවින් එය අනවශ්‍ය ප්‍රශ්නයක් මතුවිය හැක්කක් බවද ඇය එහිදී පෙන්වා දී ඇත.

තවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිදුකළ අවස්ථාවාදී පාවාදීම හේතුවෙන් ඔහුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ කළහොත් තමන් ඊට විරුද්ධව කටයුතු කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දැඩි බලපෑමක් සිදුකර ඇති බව වාර්තා වෙයි. වසර තුනක් තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ දුක්විඳි පිරිස් සිටියදී ඒ කාලය තුළ ඇමති සැප විඳ අවසානයේ දොට්ට වැටුණු පිරිස පක්ෂයට ගෙන පක්ෂය දේශපාලන යාචකයන්ගේ අගුපිලක් නොකරන ලෙසද ජොන්ස්ටන් මන්ත්‍රීවරයා දැඩිව අවධාරණය කර ඇති බවද දැනගන්නට ඇත.

සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා වෙත කොළඹ නායකත්වය ලබාදුනහොත් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් මෙන්ම පොදුජන පෙරමුණ සමඟ පවත්වාගෙන සිටින සම්බන්ධය අවසන්වීමට වැඩි ඉඩක් ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයකු සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත.

Basil Rajapaksha16 ට ආසන සංවිධායකධූර දෙන්නේ නෑ : පොහොට්ටුවේ නායකයන්ට බැසිල්ගෙන් සහතිකයක් 

කෙසේ වුවත් මේ බලපෑම් හේතුවෙන් ශ්‍රීලනිප 16 කණ්ඩායමේ කිසිවෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකධුර හෝ දිස්ත්‍රික් නායකකම් නොදීමට සහ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් මෙතෙක් කැපවූ කිසිවෙකුට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බවට බැසිල් රාජපක්ෂ මහතා පොරොන්දුවක් දී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

සේරම සෙල්ලම් මහින්දගේ කට වචනයට

මේ පිළිබඳ අප කළ විමසුමකදී පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් අර සිටියේ 16 කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීම සිදුවුයේ ඉදිරි ජාතික මැතිවරණයකදී අනිවාර්යයෙන් නාමයෝජනා ලබාදීමට මැදිහත් වන බවට හිටපු ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවක් මත බවය. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සමඟ තමන් සෘජුව සාකච්ඡා කර මතුව ඇති ප්‍රශ්න විසඳාදෙන බවටද ඔහු පොරොන්දුවී ඇති බව දැනගන්නට ඇති නමුත් ඒ ගැන පක්ෂයේ නිල සාකච්ඡාවක් තවම සිදුවී නොමැති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න