පළමු අයවැය ප්‍රතිඵලය මෙන්න : ස්වාධීන 06ක් සජබට !

පළමු අයවැය ප්‍රතිඵලය මෙන්න : ස්වාධීන 06ක් සජබට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සිට අරගලය හේතුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු 06 දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය සමග අද (14) එක්වූහ.

ඒ අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත් ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන් ය.

රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිලිබදව සිය කෘතවේදීත්වය පිරිනමන බවත්, ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව සාමූහිකව, කටයුතු කිරීමට මේ එකමුතුව අතිශයින්ම වැදගත් බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

"සෑහෙන කලක් කරන ලද සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එක්වු බවත්, ඉදිරියේදී ප්‍රබල බලවේගයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩනගන්නට දායකත්වය ලබා දෙන බවත් එහිදී අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

රාජපක්ෂවාදය ආරක්ෂා කිරීමේ සන්ධානය !

මෙම තීන්දුව වඩාත් සුවිශේෂ වන්නේ මෙරට නව ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්ක කරගත් ඓතිහාසික අයවැයක් ඉදිරිපත් කළ මොහොතේ මෙය සිදුවීම ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ , අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් නිර්භීත තීන්දු තීරණ ගෙන ඇති මොහොතක ඊට සහයෝගය නොදීම යනු යළිත් වතාවක් ආර්ථිකය සම්බන්ධයෙන් වූ රාජපක්ෂවාදය ශක්තිමත් කිරීමක් විය හැකි බවයි.

මේ පිළිබඳ ජනතාව අවධියෙන් සිටිය යුතු බවත් විචාරකයන් පෙන්වා දෙයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ මොහොතේ රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළත් IMF වැඩසටහනට කිසියම් බාධාවක් එල්ල වුවහොත් ඒ හමුවේ රටට මුහුණදීමට සිදුවන ඛේදවාචකයට විපක්ෂය ද වගකිවයුතු බවයි.

මේ මොහොතේ කුමන පාර්ශ්වයක් බලය ලබාගත්තත් වත්මන් වැඩපිළිවෙළට ආදේශකයක් නොමැති නමුත් විපක්ෂයේ ඇතමුන් ජනතාව නොමග යවමින් සිටින බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න