රවී නැවතත් කැබිනට් ඇමති ?

රවී නැවතත් කැබිනට් ඇමති ?

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රවී කරුණානායක මන්ත්‍රීවරයා වෙතද කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීමට යෝජනාවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට පෙර රවී කරුණානායක මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යවරයා වූ අතර පසුව ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදේශ අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිණ.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් ඔහු එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය.

කෙසේවුවත් රවී කරුණානායක මන්ත්‍රීවරයාට අදාලව බැඳුම්කර කොමිසමේ කිසිඳු චෝදනාවක් ඉදිරිපත්ව නොමැති අතර මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කැබිනට් අමාත්‍යධුරයක් ලැබීමට නියමිත වන්නේ ඒ හේතුව බවද වාර්තා වෙයි.

එසේම විදේශ කටයුතු, විදෙස් ආයෝජන, සංචාරක, වැනි විෂය ඇතුළත් අමාත්‍යධුරයක් මන්ත්‍රීවරයාට ලැබෙනු ඇති බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ මැදිහත් වීම මත මේ මොහොත වන විටත් අමාත්‍යධුර නම් කෙරෙමින් තිබෙන බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න