ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩුවී ඇති කැබිනට් අමාත්‍යධූර 06 සඳහා නව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම අද (12) සවස සිදුකරන බව ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ වන විට පුරප්පාඩුව තිබෙන කැබිනට් අමාත්‍යංශ 06 වන්නේ විද්‍යා- තාක්ෂණ හා පර්යේෂණ, කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු, ක්‍රීඩා, සමාජ සවිබලගැන්වීම්- සුභසාධන හා කන්ද උඩරට උරුමය, ආපදා කළමනාකරණ යන අමාත්‍යංශය.
අමුණුගම, ෆවුසි, පියසේන සහ හිස්බුල්ලා දැනටමත් ගොඩ
මෙම අමාත්‍යංශ සඳහා සරත් අමුණුගම, පියසේන ගමගේ, ඒ.එච්.එම්.ෆවුසි සහ හිස්බුල්ලා යන අමාත්‍යවරුන් පත්කිරීමට යෝජනා වී ඇති බවද වාර්තා වෙයි.
එජාප - ශ්‍රීලනිප අමාත්‍යංශ හුවමාරුවක්
කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ සමාජ සවිබලගැන්වීම්- සුභසාධන හා කන්ද උඩරට උරුමය යන අමාත්‍යංශ දෙක තාවකාලික පදනමින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට පැවරීමට සූදානමක් ඇති බවද වාර්තා වන අතර ඒ එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙතින් සිදුකළ විශේෂ ඉල්ලීමක් අනුවය.
එම ඉල්ලීම සිදුකොට ඇත්තේ පසුගිය පාලන සමයේ දේශපාලන පළිගැනීම් ඇතුළු විවිධ අසාධාරණයන්ට ලක්වූ බිම් මට්ටමේ එජාප සාමාජිකයන්හට සහන සැළසීමට වන බවත් එම අමාත්‍යංශ දෙක වෙනුවට වෙනත් අමාත්‍යංශ දෙකක් ශ්‍රීලනිප පාර්ශවයට ලබාදීමටද එජාපය පොරොන්දුවී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
පුර්ණ අමාත්‍යංශ සංශෝධනය 23
එසේම අද දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පුර්ණ එකක් නොවන බවත් පුර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසුව එනම් අප්‍රේල් 23 වනදා සිදුකරන බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.