ගමනායකගේ දුව ජවිපෙ ඉහළ පුටුවකට !

ගමනායකගේ දුව ජවිපෙ ඉහළ පුටුවකට !

විජේවීරගෙ පුතාට ජවිපෙ තැනක් නැති වුණාට, ගමනායකගෙ දුවට තැනක් ලැබිලා.. ඔන්න ජවිපෙට සම්බන්ධ නිව්ස් එකක් කරලියට ඇවිත්.

ආරංචියේ හැටියට කතාව කෙටියෙන් මෙහෙමයි..

නොවැම්බර් 01 වැනිදා ඉඳලා, 06 වැනිදා දක්වා, වෙනිසියුලාවේ කරකාස් නගරයේ දී පැවැත්වෙන, වෙනිසියුලානු කොමියුනිස්ට් පක්ෂයේ, 16 වැනි සමුළුවට, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින්, එම පක්ෂයේ බ්‍රිතාන්‍ය කමිටුවේ ලේකම්, දර්ශන හෙට්ටිආරච්චි සහ, කමිටු සාමාජිකා වෛද්‍ය ජනිතා ගමනායක යන දෙදෙනා, සහභාගී වීමට නියමිතයි ලු..

මෙම සමුළුවට සමාන්තරව පවත්වනු ලබන, ‘වර්තමාන පන්ති අරගලයේ දී, කම්කරු පන්තියේ සහ කම්කරු පන්ති පක්ෂයේ භූමිකාව’ මැයෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණයකට ද , මේ දෙදෙනාම සහභාගි වෙනව ලු..

1937 දී ආරම්භ කරන ලද වෙනිසියුලානු කොමියුනිස්ට් පක්ෂය, ලතින් ඇමරිකානු කලාපය හා, ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ ප්‍රමුඛත්වයේලා පිළිගැනීමට ලක්ව ඇති පක්ෂයක්..

මෙම සමුළුව සඳහා ලතින් ඇfමරිකානු කලාපය ඇතුළු, ඉන් බාහිර රටවල, කොමියුනිස්ට් පක්ෂවල නියෝජිතයන් ගණනාවක් සහභාගිවීමටද නියමිතයි.

සමුළුව පැවැත්වෙන අතරතුර තුළදී, ජවිපෙ නියෝජිතයන් දෙදෙනා , වෙනිසියුලානු ආණ්ඩු පක්ෂය වන, එක්සත් සමාජවාදී පක්ෂය සමග, සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා කියල තමයි, ආරංචි වෙන්නේ..

රෝහණ විජේවීර කියන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ වරයා.. දොන් උපතිස්ස ගමනායක, ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් කෙනෙක්.. ජවිපෙ 2 වැනි කැරැල්ලේ දෙවැනියා .

භිෂණය කාලයේ , ඒ දෙන්නවම, ප්‍රේමදාස ආණ්ඩුවෙන්, අමු අමුවේ මරල දැම්ම. විජේවීරගේ පවුල ආරක්ෂක අංශ වලට බාරදෙද්දී, ගමනයකගේ බිරිඳ කරුණා, දරුවොත් එක්ක රටින් පලාගියා.

ඒ දවස්වල ගමනායක ගේ දියණිය ජනිතා හෙවත් , අනුෂ්කා රසාදරී ඉගෙන ගත්තේ, හොරණ තක්ෂිලා කණිටු විදුහලේ 4වන වසරේ. පුතා මහවිල විදුහලේ දෙවන වසරේ ..

දේශපාලන ආරංචිමාර්ග කියන විදියට, ගමනායකගේ දියණිය වෛද්‍ය ජනිතා ගමනායක , තවත් ටික කාලයකින්, ලංකාවේ පුරවැසිකම ලබාගෙන, ජවිපෙ අනාගත දේශපාලනය බාරගන්න, ලංකාවට එන කතාවකුත් තියනවා.

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න