ජනාධිපති මාධ්‍ය ඒකකයේ බඩු මිසිං !

ජනාධිපති මාධ්‍ය ඒකකයේ බඩු මිසිං !

ජනාධිපති මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -20 කාලය තුළ අස්ථාන ගතව තිබෙන බව විගණන වාර්තාවකින් අනාවරණය කර ඇත .

එසේම ජනාධිපති මන්දිරයේ ගබඩා බාරකරුගෙන් ලද තොරතුරු අනුව විගණනයේ සඳහන් කර ඇති පරිදි ජනාධිපති මන්දිරයේ පැවති ඉන්වෙන්ටි්‍ර අයිතම 12ට අයත් භාණ්ඩ 24ක් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට රැගෙන ගොස් ඇතත් ඒවා සම්බන්ධයෙන් අදාල පොත් පත්වලට කිසිදු සටහනක් ඇතුළත්ව නැති බවත් එහි සඳහන් ය.

තවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් 2019 නොවැම්බර් 18 වැනිදා කරන ලද දැනම් දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයා බැලීමකදී එහි නව ගොඩනැගිල්ලේ තිබු ඉන්වෙන්ට්‍රිගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් සොයගත නොහැකි වි ඇති අතර ඒ සම්බන්ධයෙන් 2022 මාර්තු දක්වා කිසිදු විමර්ශනයක්ද සිදුකර නැත.

අදාළ විගණන වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒකක 2019 දක්වා පවත්වාගෙන ගොස් තිබෙන්නේ ඒකකට හතරක් යටතේය.

එහෙත් 2019 නොවැම්බර් මාසයේ මාධ්‍ය අංශය ආරම්භ කර තිබෙන්නේ නව මාධ්‍ය අංශය යන නාමය යටතේ වන අතර එයට භාරගත් භාණ්ඩ පිළිබඳවද නිසි ලේඛනයක් පවත්වාගෙන ගොස් නැත.

මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් ඉංජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත යොමුකරන ලද වාර්තාවකට අනුව එම ඒකකය සතුව තිබු රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමින් (3,41,89,688) යුත් භාණ්ඩ රැසක් අස්ථානගතව ඇතැයිද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව අස්ථාන ගත වු භාණ්ඩ වලට 2015 සිට 2020 ජනවාරි දක්වා කාලය තුළ මාධ්‍ය අංශය වෙත ලැබුණ 1,77,86,325 විටනා ලැප්ටොප් හා මැක් බුක් එයාර් වර්ගයේ පරිඝනක 78ක්ද 1,03,80,423ක් වටිනා ඩෙක්ස්ටොප් පරිඝනක 52ක් අතරින් 48ක්ද මාධ්‍ය අංශයේ නිලධාරීන්ට නිකුත් කරන ලද රුපියල් 34,70,742ක් වටිනා ජංගම දුරකථන හා අයිපෑඩ් 45ක් අතරින් 28ක්ද ඇතුළත් වේ.

මාධ්‍ය අංශයේ නිලධාරින් වෙත ලබාදුන් ජංගම දුකරථන හා අයිපෑඩ් 45න් ආපසු ලබාදී තිබු ජංගම දුරකථන 14 කින් නවයක්ද අය්පෑඩ් තුනෙක් දෙකක්ද අක්‍රීය බවද එම වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව කරගතම ජනාධිපති මන්දිරයේ අයිතම 12කට අයත් භාණ්ඩද අනුරාධපුර ජනාධිපති මන්දිරයේ රූපවාහිනි යන්ත්‍ර දෙකක්ද අස්ථාන ගතව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

මේ කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් 2022 මාර්තු 25 වන විටත් කිසිදු විමර්ශනයක් සිදුකර ඇති බවද විගණනයට වාර්තා නොවුන බවද එම වාර්තාවේ සඳහන් වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න