උතුරට අලුත් මුහුණක් හොයන්න : TNA ශ්‍රේෂ්ඨාධිකරණයේ කරක් ගහයි

උතුරට අලුත් මුහුණක් හොයන්න : TNA ශ්‍රේෂ්ඨාධිකරණයේ කරක් ගහයි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්ට යළිත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරය සඳහා අපේක්ෂකත්වය ලබානොදෙන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

ඊයේ (08) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම.ඒ.සුමන්තිරන් මේ බව අනාවරණය කළේය.

එහිදී මන්ත්‍රී සුමන්තිරන් සඳහන් කර සිටියේ පසුගිය වතාවේ විග්නේශ්වරන් මහතා ප්‍රධාන අමාත්‍යධුරය ලබාගන්නා විට එය වසර දෙකක කාලයට සීමා කරන බව පවසා ඇති බවත් එහෙයින් යළිත් ඔහුට අපේක්ෂකත්වය ලබාදීම සුදුසු යැයි තම පක්ෂය නොසිතන බවය.

මේ අතර TNA පාර්ශවයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ උතුරු පළාත් සභාව සඳහා නව මුහුණක් ඉදිරිපත් කිරීමට පක්ෂයේ අවධානය යොමුව ඇති බවය. එසේම ඒ සඳහා මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝජනය කළ විශ්‍රාමික විනිසුරුවරයෙකු සම්බන්ධව TNA පාර්ශවයේ අවධානය යොමුවඇති බවද සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න