තව ඩිංගෙන් අගමැති රාජිත !

තව ඩිංගෙන් අගමැති රාජිත !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාව අවස්ථාවේ වුවමනාවක් තිබුණා නම් තමන්ටද අගමැතිවීමට තිබූ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ අවස්ථාවේ තමන් පුර්ණ කාළීනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ජයග්‍රහණය කරවීම සඳහා කැපව සිටි නමුත් ප්‍රධාන පක්ෂ තුනේම විවිධ පාර්ශව තමා අමතා මේ අවස්ථාවේ අග්‍රාමාත්‍යධුරය ලබාගන්නා ලෙස ඉල්ලා සිටි බවද පවසා ඇත.

අග්‍රාමාත්‍යධුරය ලබාගැනීම වෙනුවෙන් තමන්ට පක්ෂව සිටින ප්‍රමාණය සහිත ගණන් දක්වමින් එම ආරාධනය සිදුවුවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් තම නායකයාගේ බෙල්ල කපා නායකත්වය ගැනීමට තරම් සදාචාර පිරිහීමක් තම පිය පාර්ශවයෙන් තමන්ට උරුමව නැති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එසේම පස්ස දොරෙන් තනතුරු ගැනීමේ ප්‍රතිපත්තියක් තමන්ට නැති බවත් ඕනෑම තනතුරක් තමන් ලබාගන්නේ ඉස්සරහා දොරෙන් ගොස් බවද පවසා ඇති අමාත්‍යවරයා තමන් දේශපාලනයට උඩින් පාත්වූ අයෙකු නොවන බවත් කාලයක් වමේ දේශපාලනය සිදුකර පන්නරයක් සහිතව දේශපාලනය කරන්නෙකු බව අදාළ ආරාධනය සිදුකළ පාර්ශව වෙත සිහිපත් කළ බවද පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න