විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙන මනුසවි එයි !

විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙන මනුසවි එයි !

විදෙස්ගත ශ්‍රමිකයින් දශක ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි විශ්‍රාම වැටුප් ක්‍රමය, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දායකත්වය සහිතව අද (26) හදුන්වා දී තිබේ.

විදේශ ගතවන ශ්‍රමිකයාගේ වයස, දායකත්වයට ලබාදෙන මුදල මත ‘මනුසවි’ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප තීරණය කෙරේ.

මූලිකව රුපියල් 20,000 සිට රුපියල් 50,000 දක්වා වූ මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මෙමගින් අවස්ථාව උදාවේ.

දායක්වය ලබාදෙන පුද්ගලයාගේ අවශ්‍යතාවය මත මීට වඩා වැඩි මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීම සදහා අවශ්‍ය දායකත්වයද ලබාදිය හැකිය.

දැනට විදේශ රැකියාවක් සදහා පිටත්ව යන ඕනෑම අයෙක්ට විශ්‍රාම වැටුප සදහා දායකත්වය ලබාදීම ආරම්භ කළ හැකිය.

මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වාදීමේ අවස්ථාවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සහ කාන්තා, ළමා සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් ද එක්විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න