සජබ කණ්ඩායම ගියොත් : සජිත්ගේ විපක්ෂ නායක ධූරය හබක් !

සජබ කණ්ඩායම ගියොත් : සජිත්ගේ විපක්ෂ නායක ධූරය හබක් !

සර්ව පාක්ෂික පාලන වැඩපිළිවෙළක් වෙනුවෙන් නව කැබිනට් මණ්ඩලයක් එළැඹෙන සතියේ පිහිටුවීමට නියමිත බවත් ඒ සමග විපක්ෂ නායක ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස ගේ ධුරයත් අර්බුදයට යාමේ අවධානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් රැසක් මෙහිදී නව ආණ්ඩුවේ වගකීම් ගැනීමට නියමිත ය.

කෙසේ වුවත් ජාතික ජනබලවේගය පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පාර්ශ්වය හැර එහි අනෙක් පිරිසක්ද නව ආණ්ඩුවේ තනතුරු ලබාගන්නට සූදානමින් පසුවන බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 කට ආසන්න පිරිසක් සමගි ජනබලවේගය සන්ධානයේ සිට ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇති බවය.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි .

එසේම ආණ්ඩුව සමග සම්බන්ධවීමට යෝජිත මන්ත්‍රී කණ්ඩායම ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සමග සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි .

මේ ආකාරයට මන්ත්‍රී පැතිමාරුව සම්බන්ධයෙන් සජබ නායකත්වයට නිසි තක්සේරුවක් නොමැති බවත් ඒ හමුවේ විපක්ෂ නායක ධූරය අහිමි වන තත්ත්වයක් වුවත් මතුවිය හැකි බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න