නව ජනාධිපති ලෙස පත්ව සිටින රනිල් වික්‍රමසිංහට ‘රනිල් ගෝ හෝම්’ කියමින් රට අරාජික නොකර ඔහුට වැඩ කරගෙන යාමට මාස දෙකක වත් කාලයක් ලබා දිය යුතු බව අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසති .
එම කාලයේ දී රටේ අර්බුද විසඳීමට සම්පූර්ණයෙන්ම නොහැකි වූවද අර්බුද විසඳීමේ ක්‍රියාමාර්ගය ජනතාවට දැක ගන්න හැකිවනු ඇතැයිද උන්වහන්සේ පවසා සිටී.
කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ තවදුරටත් කියා සිටියේ විජය ධරනි ධර්මය ජාතික සභාව ලෙස තමන් ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කළ බවයි.
මේ අතර අතුරලියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡා සඳහා සම්බන්ධ වී ඇත.
මේ වන විට එම සාකච්ඡාවල දෙවන වටය ද සිදුකර අවසන් බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
