ජී.එල්. පීරිස් පොහොට්ටු ප්‍රතිපත්ති මතක් කරයි !

ජී.එල්. පීරිස් පොහොට්ටු ප්‍රතිපත්ති මතක් කරයි !

හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාවට විරුද්ධ බව එහි ආරම්භක සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස් පවසයි .

එය ජිනීවාහිදී තවත් මසකින් පැවැත්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේදී ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපෑ හැකි බවත් ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවීමට ද හේතු විය හැකි බවත් ඔහු පවසයි .

ජී.එල් පීරිස් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකාවේ පවතින තත්වය අනුව මහජන ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීමට පවතින සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් බවත්, හදිසි නීතිය පැනවීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බවත් ඔහු පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න