සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ පක්ෂ කිහිපයක් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
පොදුජන පෙරමුණ එහි ප්‍රධාන පක්ෂය ලෙස නියෝජනය වනු ඇති බවත් ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ජනාධිපති ධූරය ලබාගන්නට සහය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , සමගි ජනබලවේගය පක්ෂය, මුස්ලීම් පක්ෂ නියෝජිතයන් , දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් මනෝ ගනේෂන් සහ දිගම්බරන් , ඇතුළු පිරිසක් එහිදී අමාත්‍ය ධූර ලබනු ඇති බවත් වාර්තා වෙයි .
එසේම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල වෙතත් ජනාධිපති විසින් පෞද්ගලිකව ආණ්ඩුවේ පාර්ශ්ව වීමට ආරාධනා කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි . එකී ආරාධනය පොදුවේ පක්ෂ වලට සිදුවනු ඇති බවත් , එහිදී පක්ෂ නායකයන් එකඟතාව පළනොකලහොත් නියෝජිතයන් මට්ටමෙන් ආණ්ඩුවේ තනතුරු ලබාදීමට සූදානමක් ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .
නව කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් විස්සත් තිහත් අතර පිරිසකගෙන් සමන් වනු ඇති අතර,එවැනිම පිරිසක් රාජ්‍ය ඇමතිවරුන් ලෙසද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් වාර්තා වෙයි .
එහිදී අග්‍රාමාත්‍ය ධූරය වෙනස් නොවනු ඇති බවත් අග්‍රාමාත්‍ය ලෙස දිනේෂ් ගුණවර්ධන දිගටම කටයුතු කරනු ඇති බවත් වාර්තා වෙයි . කෙසේ වුවත් නව ආණ්ඩුව පිහිටුවීමේ දී වත්මන් අමාත්‍යවරුන් ගේ විෂය පථ වෙනස් වීමට නියමිතව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
