බුකියේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කළොත් ඇතුලේ ?

බුකියේ  මන්ත්‍රීවරුන්ට තර්ජනය කළොත් ඇතුලේ ?

සමාජ මාධ්‍ය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෙරෙන තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශන අරඹා ඇති බව වාර්තා වෙයි .

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත පොලිස්පති විසින් ඊට අදාළ නියෝග නිකුත්කර ඇති බවත් දැනගන්නට ඇත .

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇත.

එම මාධ්‍ය නිවේදනය මෙසේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ජාල වල පලකරන බව නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව එවැනි දැන්වීම් පල කරන පුද්ගලයන් හා ඒවා සකස් කරන, බෙදා හරින, සංසරණය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානය විශේෂ අවධානය යොමුකර ඇති අතර හවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පොලිස් මූලස්ථානය මඟින් මේ වන විට උපදෙස් ලබාගෙන ඇත.

press

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න