ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අපේක්ෂිත සාර්ව ආර්ථික සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (06)පැවති රැස්වීමකදී ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර ඇත .
ඒ බව අද (07) නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.
ඊට අනූව මහ බැංකුවේ මුදල් මණ්ඩලය ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින්, පිළිවෙලින් සියයට 14.50 දක්වා සහ සියයට 15.50 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.
එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින සියයට 4 මට්ටමේ පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතිබව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
