රට බාර දුනහොත් මාස 06 න්, අවුරුද්දෙන්, අවුරුදු පහෙන් තමන්ට රට හැදිය හැකිය කියන විපක්ෂ කණ්ඩායම් ඒ් කාලය අගමැති රනිල් වික්‍රමසිංහට ලබා නොදෙන්නේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රශ්න කරයි.
විද්වත් වෘත්තිකයන් ඇතුළු පිරිසක් සමඟ කොළඹදී අද (28) පැවැති සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ බව කීවේය.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය ගෙන තවමත් මාස දෙකක්වත් ගතවී නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය නායකයා අවුරුදු දෙකක් විනාශ කළ රට දින කිහිපයකින් ගොඩගත යුතුයැයි පෙන්වන්නේ අර්බුදයෙන් වාසි ගන්නට උත්සාහ කරන පිරිස් මිස සැබෑ දේශප්‍රේමීන් නොවන බව ද කීය.
රට යළිත් පෙර තිබුණු තැනට ගෙන ඒ්මට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ද සැලකිය යුතු කාලයක් ලබා දෙන්නැයි රුවන් විජයවර්ධන ඉල්ලා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
