ජනතා පීඩනය හමුවේ අගමැති කම්පනයෙන් : රුසියාවෙන් හරි ඉන්ධන ගන්නවා !

ජනතා පීඩනය හමුවේ අගමැති කම්පනයෙන් : රුසියාවෙන් හරි ඉන්ධන ගන්නවා !

මේ වන විටත් මෙරට විසින් ඉන්ධන ලබාගනු ලබන මූලාශ්‍ර වෙතින් ඉන්ධන සපයා ගැනීමට දුෂ්කර වුවහොත් ඉදිරියේදී රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට සිදු විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ විදෙස් පුවත් ඒජන්සි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ය.

රට තුළ පවතින දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම පියවරට යා යුතුව ඇතැයිද එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත .

එසේම ඇතැම් පාර්ශ්ව ගුවන් යානා සිදුවීම පදනම් කරගෙන ලංකාව සහ රුසියාව අතර රාජතාන්ත්‍රික අර්බුදයක් ඇති බව ප්‍රචාරය කළත් එවැනි අර්බුදයක් නොමැති බවත් ඔහු එහිදී පවසා ඇත .

රුසියානු රජය විසින් මෙරටට තිරිඟු පිරිනමා ඇතැයි ද එහිදී ඔහු පවසා තිබේ.

ජනදුක ගැන දරුණු තැවීමක් තියෙනවා !

තවද වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ලාංකික ජාතිය දුක් විඳින අයුරු දැකීම පුරවැසියකු සහ අගමැතිවරයකු වශයෙන් තමාට දරුණු ලෙස දැනෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී පවසා ඇත .

තමා මීට පෙර ආණ්ඩු නියෝජනය කරද්දී මිනිසුන්ට ආහාර වේල් තුනක් ලබා දී ඔවුන්ගේ ආදායම වැඩි කර ඇති බව කී අග්‍රාමාත්‍යවරයා නැවතත් පෙර තත්ත්වය ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බවත් සඳහන් කර ඇත .

මෙවැනි දෙයක් ශ්‍රී ලංකාවේ කිසි දිනෙක දැක නැති බවත් කිසිදා එසේ වනු ඇතැයි නොසිතූ බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අමාරු කාල තිබුණත් ඉන්ධන නැති, ආහාර නැතිව දුක් විඳින ලාංකික මිනිසුන් තමා මීට පෙර දැක නොතිබූ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න