සිරස පාර්ලිමේන්තු මාධ්‍යවේදී කසුන් සමරවීරට සහ ස්වර්ණවාහිනී පාර්ලිමේන්තු මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරාට, ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වීරසිංහ විසින්, අද (17) පාර්ලිමේන්තුවේදී තර්ජනය කර ඔවුන් සතු ජංගම දුරකථන පැහැරගෙන ඇති බව වාර්තා වෙයි .
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ සිය ජංගම දුරකථන පැහැරගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ද මෙම සිද්ධියට මැදිහත්වූ බව එම මාධ්‍යවේදීන් පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවත් වාර්තා වෙයි .
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුව අවස්ථාවේ කතානායකවරයා දැනුවත් කළහ.
කෙසේ වුවත් අද පස්වරුවේ කථානායකවරයාගේ මැදිහත්වීමෙන් එම ජංගම දුරකථන දෙක අදාළ මාධ්‍යවේදීන් දෙදෙනාට භාරදී ඇති බවත් වාර්තා වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
