අද (06) හවස විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇති බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට අද පස්වරු 5ට මෙම රැස්වීම ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත .
අද හර්තාලය සමග රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.
කෙසේ වුවත් විපක්ෂය ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ මේ වන විට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයක් හෝ නොමැති බවය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය වගකීම කරට නොගෙන සිටීම හේතුවෙන් පොහොට්ටු ආණ්ඩුව තවදුරටත් තිබෙන බවටත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් චෝදනා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
