ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලය ආශ්‍රිතව ඇරඹි අඛණ්ඩ විරෝධතාවය වූ "ගෝඨාගෝගම" ට සහය දෙමින් ගාල්ලේ ඇරඹි "ගෝඨාගෝගම ගාළු ශාඛාව " ට පොලීසිය කඩාපැන බාධා පමුණුවා ඇත.
අද (17) හිමිදිරි උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් ගලවා ඉවත් කර නින්දිත ආකාරයට හැසිරුණු බව එම ස්ථානයේ සිටි පිරිස් පවසයි.
වාර්තා වන ආකාරයට ඊයේ (16) රාත්‍රියේ මෙම ස්ථානයේ විශාල සෙනගක් රැස්ව සිට ඇති නමුත් , 17 හිමිදිරිය වන විට පිරිසේ පැහැදිලි අඩුවක් සිදුව ඇත.
ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පොලිසිය මේ සාමකාමී විරෝධතා ස්ථානයට කඩා පැන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
