ශාන්ත දොට්ට : නිමල් උද්දික ඇතුළට !

ශාන්ත දොට්ට : නිමල් උද්දික ඇතුළට !

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග යළිත් සාකච්ඡා කිරීමට නම් පසුගියදා හදිසියේ රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් ලබාදුන් ශාන්ත බණ්ඩාර එම ධූරයෙන් ඉවත් කළ යුතු බවට කොන්දේසි පනවා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වන විට පක්ෂ තීන්දුවට පිටින්ගොස් පස්සෙ දොරෙන් රාජ්‍ය අමාත්‍ය ධූරය ගැනීම හේතුවෙන් මේ වන විට ‍ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කර ඇති බවත් වාර්තා වෙයි.

නිමල්ට සෞඛ්‍ය : උද්දිකට සංස්කෘතික ?

මේ අතර ශ්‍රී නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල සිල්වාට සෞඛ්‍ය අමාත්‍ය ධුරයත් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට සංස්කෘතික අමාත්‍ය ධුරයත් ආණ්ඩුවේ පාර්ශවයෙන් යෝජනා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි.

ඒ ආකාරයේ විවිධ වරදාන තනතුරු ලබාදීමට පොරොන්දු වෙමින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පිරිස් ආණ්ඩුවට එක් කර ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවටත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

බැසිල් රාජපක්ෂ ගේ උවමනාව මත සිදුකරන මෙම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන්නේ ජයන්ත කැටගොඩ, රේණුක පෙරේරා, සංජීව එදිරිමාන්න යන පිරිස් බවද ඔහු පවසන අතර රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ යන අයද ම මෙහෙයුමේ ක්‍රියාකාරීව සිටින බවද ඔහු කියා සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න