ගාලු මුවදොර විරෝධතාවේ නිරත පිරිස සමග සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ,ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමග සාකච්ඡාවකට අග්‍රාමාත්‍යවරයා සූදානම් බවයි.
ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිත බව ද එහි සඳහන් ය.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, විරෝධතාවයේ නිරත පිරිස සාකච්ඡාව සඳහා සූදානම් නම්, අග්‍රාමාත්‍යවරයා එම පිරිසේ නියෝජිතයන්ට ඒ සඳහා ආරාධනා කරන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
