අල්ලස් ගත්තා කියන පොහොට්ටු මන්ත්‍රිනියට වැඩ වරදින ලකුණු !

අල්ලස් ගත්තා කියන පොහොට්ටු මන්ත්‍රිනියට වැඩ වරදින ලකුණු !

එක්සත් ජාතික පක්‍ෂය විසින් අරණායක ප්‍රාදේශිය සභාවට සභාපතිවරයා පත් කර ගැනීමට ඡන්දය ලබා දෙන ලෙස තමනට අල්ලස් ලබා දුන්නේ යයි එම ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ඉෂාරා මධුෂාණිට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගතයුතු බව දුෂණ විරෝධී සංවිධාන සඳහන් කරයි.

පැමිණිල්ලක් අවශ්‍ය නෑ

ඒ බව පෙන්වා දෙමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම අල්ලස් දීමේ සිදුවීම සම්බන්ධ සියළු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය අල්ලස් හෝ දුෂණ කොමිසම සතුව තිබෙන බවත් ඇගේ ප්‍රකාශය පදනම් කරගෙන කොමිසමේ විවෘත පැමිණිලි අංශයට විමර්ශන ආරම්භ කළ හැකි බවය.

අරණායක ප්‍රාදේශිය සභාවට සභාපතිවරයා පත් කර ගැනීමට ඡන්දය ලබා දෙන ලෙස තමනට අල්ලස් ලබා දුන්නේ යයි එම ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ඉෂාරා මධුෂාණිට පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ අදාළ ජන්දය ලබාදීම වෙනුඑන් තමන්ට රුපියල් ලක්‍ෂ දෙකක අල්ලසක් ලබා දුන් බව පැවසුවාය.

එසේම තමන් ඇතුළු තවත් කිහිප දෙනෙකු මුදල් ගෙන ඇති බව පැවසුවත් ඡන්දය දුන්නේ තමන් පමණක් බවද ඇය සදහන් කලාය.

දිවුරුම් ප්‍රකාශයකුත් දීලා

තමන් ලබා ගත් මුදල ආපසු යැවූ බවත් තමනගෙන් වූ වරද නිවරද කිරීමට උවමනා බවත් ඇය පවසන්නීය. මේ සියල්ල සදහන් කරමින් ඇය විසින් දිවුරුම් ප‍්‍රකාශයක්ද බාර දී ඇත.

ජනතා පරමාධිපත්‍ය කෙළෙසීමක් !

මේ බව පෙන්වා දෙමින් දුෂණ විරෝධී සංවිධාන වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ දිගින් දිගටම පළාත් පාලන ආයතන තුළ සභාපතිවරුන් පත්කිරීමේදී අල්ලස් ලබාදුන් සිදුවීම් ගැන කියවන බවත් එය ඉතා කණගාටුදායක තත්ත්වයක් වන බවය. එසේම එය ජනතා පරමාධිපත්‍ය බලය මහ දවාලේ කෙළෙසීමක් බවද ඔවුන් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න