උදයාංග වීරතුංග අත්අඩංගුවට

උදයාංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග ඩුබායිහීදී ඊයේ (26) ජාත්‍යන්තර පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

කුප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධව උදයාංග මහතා චෝදනා ලබා සිටින අතර අධිකරණය මඟ හැරීම හේතුවෙන් වරෙන්තු නිකුත්කර තිබිණ.

ඔහු මීට පෙරත් ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වුවත් මෙරටට භාරදෙනු ලැබුවේ නැත. ඒ ජාත්‍යන්තර පොලිසිය විසින් ඔහුට එරෙහිව නිල් වරෙන්තුවක් නිකුත්කර තිබීම නිසාය. ඒ නිසාම පසුගිය වර ඔහු අත්අඩංගුවට ගනුලැබූ අවස්ථාවේ සැකකරු ලංකාවට ගෙන ඒමට අවස්ථා කිහිපයකදීම නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විදේශගතවූ නමුත් ඔවුන්ට හිස් අතින් ඒමට සිදුවිය.

පසුව ඒ බව අධිකරණයට දැන්වීමෙන් පසුව උදයාංග වීරතුංගට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තුව නිකුත් කරවන්නට කටයුතු කර ඇති අතර මෙවර අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඒ අනුව බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම මේ වන විට උදයාංග වීරතුංග මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න