හෙට (16) සිට අප්‍රේල් මාසය අවසන් වන තුරු දිවයින පුරා විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඊයේ (14 වැනිදා) දැනුම් දී ඇත.
මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරි ඩී.සී. ආර්. අබේසේකර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් විය.
ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ජලය අවමවීම සහ ඉන්ධන අවම වීම නිසා මෙවැනි ගැටලුවක් නිර්මාණය වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එම නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
