ඉන්දීය ධීවර තර්ජනය විසඳා දෙන ලෙස ඉල්ලමින් උතුරේ ධීවර ප්‍රජාව දියත්කර ඇති විරෝධය සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවකදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට දැඩි විරෝධයක් එල්ලවූ බව වාර්තා වෙයි.
අද (03) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී මෙන්ම පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම විරෝධය එල්ලවී තිබේ.
එසේම පස්වරුවේ පැවති සාකච්ඡාව අවස්ථාවේ ධීවර විරෝධය මතුවූ විට ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා ‘ඒයි කට වහපන්… මමයි කතා කරන්නේ…’ යනුවෙන් කියමින් ධීවර ජනතාවට බැන තර්ජනය කර ඔවුන්ව පාලනය කිරීමට උත්සාහ කර ඇත.
ඒ නොතකා ධීවරයන විරෝධය පළ කිරීම හේතුවෙන් ආරක්ෂකයන් විසින් අමාත්‍යවරයාව එම ස්ථානයෙන් පිටතට ගෙන ගොස් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
