Language Switcher

V2025

ආනන්ද සංගරීටත් කොවිඩ් ආසාදනය වෙයි

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම්, වී. ආනන්දසංගරී  ට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කර තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (16) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී ඒ මහතා ට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.

ආනන්දසංගරීගේ ඥාතීන්ට ද මේ වන විට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් යාපනයේ පිහිටි එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හුදකලා කර ඇත.

ආනන්දසංගරීගේ සෞඛ්‍ය තත්ත්වය ට එතරම් බලපෑමක් නොමැති බවත් ඔහු යාපනය ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.