සංහිඳියාවේ රන් සම්මානය මංගලට !

සංහිඳියාවේ රන් සම්මානය මංගලට !

දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා සංහිඳියාව සඳහා කැපවූ රාජ්‍යතාන්ත්‍රිකයෙකු සඳහා Institute of Politics ආයතනය විසින්ජී විතයේ එක්වරක් පමණක් පිදෙන 'සංහිඳියාවේ රන් සම්මානයෙන්' පිදුම් ලැබිය.

2022 ජනවාරි 15 වන දින කොළඹ 07 ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පවත්වන ලද එම ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී මෙම සුවිශේෂී ඇගයීම සිදු කරන ලදී.

Institute of Politics ආයතනය දේශපාලනය, ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව හදාරණ පිරිස් සඳහා පාඨමාලා පවත්වන වෘත්තීමය ආයතනයකි.

එම ආයතනය විසින් දේශපාලනය තුළ සිටින පිරිස් හි වෘත්තීය භාවිතාවන් ආචාරධාර්මික කිරීම සඳහාත් ඔවුන්ගේ දැනුම කුසලතා හා ආකල්ප ප්‍රවර්ධනය සඳහාත් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි.

එමෙන්ම දේශපාලන ක්‍රියාධරයන්ගේ කාර්යක්ෂමතාව සහ ඔවුන්ගේ ක්‍රියාදාමයන් හි ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ඇගයීම ද මෙම ආයතනය විසින් සිදු කරනු ලබයි.

එම ආයතනයේ ප්‍රමුඛ අරමුණ වෘත්තීමය වශයෙන් ආචාරධාර්මික භාවය රැකගෙන දේශපාලනය කරන නූතන පරම්පරාවක් ගොඩනැගීම බව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ සංජීව විමලගුණරත්න ප්‍රකාශ කර සිටී.

එම ආයතනයේ 2021/2022 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීර අගයමින් ඔහු විසින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ගන්නා ලද අප්‍රතිහත නිර්ව්‍යාජ කැපකිරීම ලංකාවේ අනාගත දේශපාලන පරම්පරාවන්ට ආදර්ශයක් බව සංජීව විමලගුණරත්න මෙම උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න