දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද දුම්රිය වැඩ වර්ජනය අවසන් කළ බව වෘත්තිය සමිති පවසයි.

ඒ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථකවීම හේතුවෙනි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න  පැවසුවේ සිය ඉල්ලීම් 25න් 10ක් සඳහා සාධනීය පිළිතුරු හිමිවූ බවයි.

ඒ අනුව හෙට (29) දින සිට සුපුරුදු රාජකාරි කටයුතු ආරම්භ කරන බව සුමේධ සෝමරත්න  පැවසීය.

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට ආරම්භ කරන නමුත් සියලු දුම්රිය හෙට සිට ධාවනය නොවන බව ද ඔහු සදහන් කළේය.

කෙසේ වෙතත් දින දෙකක් ඇතුළත දුම්රිය මගීන්ට අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය යෙදවීමට බලාපොරොත්තු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න  වැඩිදුරටත් පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න