පීබීගේ ලියුම මාධ්‍යයෙන් වහයි : අලුත් ලේකම් ගාමිණී සෙනරත් !

පීබීගේ ලියුම මාධ්‍යයෙන් වහයි : අලුත් ලේකම් ගාමිණී සෙනරත් !

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් වීම සඳහා පී බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දීර්ඝ ලිපියක් යොමු කර ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් එම ලිපියේ අන්තර්ගත බව එම පුවතේ සඳහන් වෙයි.

එකී ලිපිය මාධ්‍යයට ලැබීම වැළැක්වීම සඳහා කටයුතු කර ඇතැයි ද වාර්තාව හෙළිදරව් කරයි.

ජනාධිපති ලේකම් ධුරයෙන් ද පී බී ජයසුන්දර මහතා ඉවත් වුවද තවදුරටත් ජනාධිපති උපදේශකයකු ලෙස පත් කිරීමට නියමිත බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත් වීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා එම ධුරයෙන් ඉවත් වීමටත් අවශ්‍ය කටයුතු දැනටමත් සිදු කර ඇතැයි ද සඳහන්ය.

-c news

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න