තවත් කොරෝනා මරණ 22 ක් අද(17) වාර්තා විය.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14,720 දක්වා ඉහල යයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම මරණ ඊයේ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බවයි.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 07 දෙනෙකු වේ.
මියගිය පුද්ගලයින් 22 දෙනා අතුරින් 19 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් ය.
අනෙක් පුද්ගලයින් 03 දෙනා වයස අවුරුදු 30 ත් 59 ත් අතර පසුවන්නන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
