රාජා කොල්ලුරේගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පත්කිරීම අනුව ඔහු අද (09) වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
නාවික හමුදාපති ධූරයෙන් විශ්‍රාම යෑමෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇත.
එසේම ආන්දෝලනාත්මක තරුණයින් එකොළොස් දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වසන්ත කරන්නාගොඩද චූදිතයකු ලෙස නම් කර තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
