දිවයින පුරා වාර්තා වන ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ අනතුරු සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ගොනුකළ පැමිණිලි දෙකක් හෙට (10) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී කැඳවීමට නියමිතය.
එසේම අනිකුත් වෙළඳ භාණ්ඩවල මෙන්ම ගෑස් සිලින්ඩරයේද ඇසිරුම් දිනය සහ අන්තර්ගතය දැක්වෙන විස්තර ප්‍රසිද්ධ කරන ලෙසත් අදාළ පැමිණිලි වල ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.
එම විමර්ශනය සඳහා පෙනී සිටින ලෙස අද (09) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්ට, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට සිතාසි නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ MediaLK.com වෙබ් අඩවියේ සංස්කාරක තරිඳු ජයවර්ධන මෙම පැමිණිලි දෙක සිදු කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
