නොරොච්චෝලේ බලාගාරය යථාතත්ත්තවයට පත් කරන තෙක් ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පස්වරු 6.00 සිට පස්වරු 9.30 දක්වා පැයක පමණ කාලයක් විදුලිය සීමා කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසයි.
මෙගාවොට් 300ක් නොරොච්‍චෝලේ බලාගාරය හරහා ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බවත්, මෙගාවොට් 600ක ධාරිතාවක් විදුලිබල පද්ධතියට එක් කිරීමට තවත් දින 03ක් පමණ ගත වන බවත් විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.
ඒ අනුව නොරොච්චෝලේ බලාගාරය යථාතත්ත්වයට පත් කරන තෙක් ජාතික දෛනික විදුලි උත්පාදනය අනුව විටින් විට කෙටි කාලීනව විදුලිය විසන්ධි කිරීමට සිදු වන එම අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
