මියන්මාරෙන් ලංකාවට සහල්

මියන්මාරෙන් ලංකාවට සහල්

වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ යටතේ රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් සහල් මෙට්‍රික් ටොන් 20,000ක්, මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 460ක් බැගින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ  පැවසීය.

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණු අතර, රජයකින් රජයකට පදනම යටතේ දෙරට අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් ආනයනය කෙරේ.

මෙසේ ගෙන්වනු ලබන සහල් ස.තො.ස අලෙවිසැල් හරහා රුපියල් 98 බැගින් අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න