නායකයන් නොමැති මොහොතක අපට අහිමිවුන හොඳම නායකයා දකින්න එන්න !

නායකයන් නොමැති මොහොතක අපට අහිමිවුන හොඳම නායකයා දකින්න එන්න !
පසුගිය අගෝස්තු මස 24වන දින භෞතිකව අපෙන් සමුගත් රැඩිකල් සැබෑ දේශප්‍රේමියාගේ භෂ්මාවශේෂ දැකගන්න අවැසි ඕනෑම පුරවැසියකුට නොවැම්බර් 26වන දින සන්ධ්‍යා භාගයේ මාතර ඕලන්ද කොටුවට සුදු මල්මිටක් රැගෙන "මතක මංගල" දකින්න එන ලෙස  විවෘත ආරාධනාවක් මතක මංගල සංවිධානය විසින් නිකුත් කොට ඇත.
 
හිටපු ජනපතිනී මංගල ගැන මෙසේ කියයි !
 
 මරනව කීවත් කිසිදා තමන් විශ්වාස කළ මතය වෙනස් නොකළ ඒ මතය වෙනුවෙන් නොබියව පෙනීසිටි, නිතර නිතරම පොත පත කියවමින් නිර්මාණශීලී නායකත්ව ගුණ පෙන්වූ අසහාය චරිතයක් බවත්, මංගල විශාල දැක්මක් තිබූ නායකයකු බවත් ඔහු ඒ ඒ විෂය සම්බන්ධයෙන් විශේෂඥයන් ඒකරාශි කරගනිමින් නිර්මාණශීලී වෙනස් කම් සිදුකළ සුවිශේෂී පුද්ගලයකු බවත්, විදේශ අමාත්‍යවරයකු ලෙස ලෝක දේශපාලනය මැනවින් හසුරවමින් රටට හිතැති හා වාසිදායක ලෙස ලෝක දේශපාලකයන රට කෙරෙහි නැඹුරු කරගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබුණු, නායකයන් නොමැති අවදියක අපට හිටපු හොඳම නායකයා නැතිවුන බවත්ය.
 
මංගල දුටු අනාගත ශ්‍රී ලංකාව "මතක මංගල" හරහා සැබෑ දේශප්‍රේමීන් සොයන රැඩිකල් මැදමාවතේ ගමන් කළහොත් මංගල සිහින යථාර්ථයක් වනු නොඅනුමානය.
 
ඊට ආසන්නතම උදාහරණයක් ලෙස මංගල අවසන් සුසුම් හෙලන්නට වසරකට පමන මත්තෙන් වත්මනේ ලෝකයම කතාබහට ලක් වූ තරුණ ගායිකා යොහානි පිළිබඳ හෙට දකින මංගලගේ අදහස යාථාර්තයක් වීමට ගතවූයේ සුළු කාළයකි……….
කෙසේ නමුත් මංගලගේ අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය වෙනුවෙන් 26වන දින මාතර ඕලන්ද කොටුවේ දී සුදු මල් මිටක් තබා සපථවන්නට ඔබත් සැබෑ දේශප්‍රේමියකු සේ එක්වන්න.
 
සුමුදු මමද්දුමආරච්චි.
මිලානෝ,
ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න