අසාදු චීන පොහොර තොගයෙන් : 75%ක් ගෙවීමේ සූදානමක් !

අසාදු චීන පොහොර තොගයෙන් : 75%ක් ගෙවීමේ සූදානමක් !

මෙරට ශාක නිරෝධායන සේවය මගින් මෙරට පසට අහිතකර බැකිටීරියා ඇතැයි තහවුරු කරන ලද චීන පොහොර තොගය සඳහා එහි වටිනාකමෙන් 75%ක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට සිදු කර ඇති ප්‍රකාශයක් අනුව අනාවරණය වේ. එය ඩොලර් මිලියන 6.7ක් පමණ මුදලකි.

මෙම පොහොර ගැටලුව හෙතුවෙන් පළුදු වී ඇති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවල හානිය අපට දැරිය නොහැකි බැවින් ශ්‍රි ලංකාවට මෙම පොහොර සඳහා ගෙවිය යුතු සමස්ත මුදල වන ඩොලර් මිලියන 08න් 75%ක ප්‍රතිශතයක් ලෙස මෙම මුදල ගෙවීමට සිදුව ඇති බව අමාත්‍ය අලුත්ගමගේ සන්ඩේ ටයිම්ස් පුවත් පත සමඟ ප්‍රකාශ කර ඇත.

එසේම ඔහු පවසා ඇත්තේ මෙම පොහොර ලබා ගත් චීනයේ ක්වින්ඩාවෝ සීවින් බයෝ ටෙක් සමාගමෙන්ම අලුත් පොහොර තොගයක් ගෙන්වීමටද සිදුව ඇති බවය.‍

“අපි මේ පොහොර ටොන් එකක් මිලදී ගත්තේ ඇමෙරිකානු ඩොලර් 446කට. ඔවුන්ගේ නව මිල ගණන් අනුව එය ටොන් එකක් ඩොලර් 900ක්. ඒ නිසා අපට දැනට අත්සන් කර ඇති ගිවිසුම අවලංගු කිරීම තවත් පාඩුවකට හේතුවක්. චීන පොහොර සමාගම මෙරටට පැමිණ ඇති නැව ආපසු රැගෙන ගොස් පරීක්ෂාවන්ගෙන් පසු අනුමත කළ පොහොර මෙරටට ගෙන්වීමට එකඟ වී තිබෙනවා. ඒ සඳහා අදාළ නැව් ගාස්තුවලින්ද අඩක් ගෙවීමට ශ්‍රි ලංකාව එකඟතාව පළ කර තිබෙනවා“ යයිද අමාතයවරයා තවදුරටත් සඳහන් කර ඇත.

Lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න