එජාපය 'ගේම' ඉල්ලයි : ජනපතිගේ කැබිනට් පත්‍රීකාවට එරෙහිවේ

එජාපය 'ගේම' ඉල්ලයි : ජනපතිගේ කැබිනට් පත්‍රීකාවට එරෙහිවේ

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවන ආර්ථික සභාව අහෝසි කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රීකාවට එරෙහිව එජාප ඇමතිවරුන් සියලු දෙනාගේ අත්සනින් යුතුව පොදු කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා විදේශගතව සිටින බැවින් ගිය සතියේ කැබිනට් මණ්ඩලය රැස් නොවූ අතර, අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනපතිගේ කැබිනට් පත්‍රීකාව සම්බන්ධයෙන් විරෝධතාවය පලකිරීමට එජාප ඇමතිවරුන් පිරිසක් සුදානමින් සිටින බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අරමුනින් යුතුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එජාපය ඉලක්කකර ගනිමින් සිදුකරන දේශපාලන කෙනෙහිලි වලට තවදුරටත් ඉඩදිය යුතු නැති බව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී ඇතැයි ද පැවසේ.

අපොස උසස් පෙල සියලුම සිසුන්ට අන්තර් ජාල පහසුකම් සහිත ටැබ් එකක් නොමිලේ ලබා දීමට අගමැතිවරයා හා අධ්‍යාපන ඇමතිවරයා ඉදිරිපත්කල කැබිනට් පත්‍රීකාවට ජනාධිපතිවරයා එරෙහිවූ විටදීත්, අඩුම තරමින් තමන්ට කැමැති ඇමැතිවරයාට නීතිය හා සාමය බාර දෙනවාට පවා ජනාධිපතිවරයා විරුද්ධ වන විටත් එජාප නායකත්ව නිහඬව සිටීම එම පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධයට හේතුවී ඇතැයි වාර්තාවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න