හොඳම අධිකරණ ඇමති අලිසබ්‍රි : ඩලාගේ සහතිකය අරගෙන සබ්‍රි ගෙදර යයි ?

හොඳම අධිකරණ ඇමති අලිසබ්‍රි : ඩලාගේ සහතිකය අරගෙන සබ්‍රි ගෙදර යයි ?

ලංකා ඉතිහාසයේ සිටින හොදම අධිකරණ අමාත්‍යවරයා අලි සබ්‍රි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාතර පැවති උත්සවයකදී අදහස් දක්වමින් ය.

යල් පැන ගිය නීති වෙනස් කිරීම සදහා අලි සබ්‍රි අමාත්‍යවරයා දැඩි වෙහෙසක් ගන්නා බවත්, කැබිනට් මණ්ඩලයට වැඩිම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන අමාත්‍යවරයා අලි සබ්‍රි බවත් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා සඳහන් කර ඇත.

හොඳම අඅධිකරණ ඇමති ඉල්ලා අස්වීම දීලා ?

කෙසේ වුවත් මේ වන විට මාධ්‍ය වාර්තා පළවෙමින් ඇත්තේ අලි සබ්‍රි අමාත්‍යවරයා සිය අමාත්‍ය ධූරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි 2ක් ඊයේ (05) වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති බවයි.

ඊට හේතු ලෙස සඳහන් වන්නේ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකායට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ පත්කිරීම සම්බන්ධයෙන් පැහැදීමක් නොමැති වීමයි.

වාර්තා වන ආකාරයට අදාළ ඉල්ලා අස්වීම ජනාධිපති භාරගෙන නැත. කෙසේ වුවත් අලි සබ්‍රි අමාත්‍යවරයා ගේ අදහස ලෙස සඳහන් වන්නේ ඥානසාර හිමිගේ පත්වීම අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්නක් විය හැකි බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න