තිස්ස නැවතත් කරළියේ : මහනුවරින් වැඩ අරඹයි

තිස්ස නැවතත් කරළියේ : මහනුවරින් වැඩ අරඹයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පසුගියදා ජාතිවාදී කෝලාහල හේතුවෙන් හානියටපත් මහනුවර -දිගන/බලගොල්ල/කෙන්ගල්ල ප්‍රදේශවල නිරික්ෂණ චාරිකාවක නිරතවූ බව වාර්තා වෙයි.

එහිදී තිස්ස අත්තනායක මහතා විපතට පත් ජනතාව වෙත ගොස් ඔවුන්ගේ අඩුපාඩු සොයාබලා දුක්ගැනවිලි වෙත සවන්දී ඇති අතර ගැටුමෙන් මියගිය සිංහල තරුණයාගේ නිවසට ගොස් කනගාටුව පලකිරිමටද කටයුතු කළ බව වාර්තා වෙයි.

UNP නුවර ලොක්කෝ වැඩක් නෑ - ජනතාවගෙන් තිස්සට ප්‍රතිචාර

එහිදී ජනතාව තමන් ගැන සොයා බැලීමට පැමිණීම සම්බන්ධව හිටපු මහ ලේකම්වරයාට ස්තුති කර ඇති අතර එජාපයේ මහනුවර දේශපාලන නායකත්වය තමන් ගැන කිසිඳු තැකීමක් නොකළ බවත් ඒ සම්බන්ධව ජනතාව දැඩි කලකිරීමකින් පසුවන බව පවසමින් ජනතාව ඔහුට ප්‍රතිචාර දක්වා ඇති බවද වාර්තා වෙයි.

පක්ෂය දිනපතා ජනතාවගෙන් ඈත්වෙනවා - තිස්ස අත්තනායක

හානියටපත් ප්‍රදේශවල සංචාරයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා සඳහන් කර සිටියේ දිනෙන් දින එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් ඈත් වෙමින් තිබෙන බවත් පක්ෂ නායකත්වය සහ ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙකුගේ පාලනයට නතුවූ පක්ෂයක් වෙනුවට ජනතාවට නතුවූ පක්ෂයක් බවට එජාපය පත්කළ යුතුව තිබෙන බවය.

එසේම පක්ෂ නායකත්වයට එරෙහිව බිම් මට්ටමින් නැගෙන විරෝධය සම්බන්ධව යළි සලකා බැලිය යුතු බවත් එසේ නොවුනහොත් පක්ෂය ඉතා ඉක්මනින් අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටීමේ අවධානමක් පවතින බවද ඔහු පැවසීය.

ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීමට අනුව තිස්ස යළිත් කරළියට

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ එජාප අභ්‍යන්තරයෙන් මතුවී තිබෙන ඉල්ලීමකට අනුව නැවත පක්ෂය හා සම්බන්ධවීමේ සුදානමක් තිස්ස අත්තනායක මහතාට ඇති බවය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුත්තට එක්වෙන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇති බවත් පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු ජේෂ්ට නායකයින් රැසක් මේ වන විට පක්ෂය හැරගොස් සිටින ජේෂ්ට සාමාජිකයන් යළිත් පක්ෂයට එක්කර ගැනීමේ දැඩි උත්සාහයක නිරතව සිටින බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

{gallery}tissa_kegalla{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න