ගාමිණී දිසානායක 76 වන ජන්ම දින සමරුව : 20 වනදා

ගාමිණී දිසානායක 76 වන ජන්ම දින සමරුව : 20 වනදා

ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන, වැවිලි කර්මාන්ත හිටපු අමාත්‍ය සහ 1994 වසරේ එ.ජා.ප. ජනාධිපති අපේක්‍ෂක ගාමිණී දිසානායකගේ 76 වැනි ජන්ම දින සමරුව 2018 මාර්තු මස 20 වන දිනට යෙදී ඇත.

ඒ නිමිතිකොට ගෙන එදින (20) පෙ.ව. 9.00 ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එතුමා ගේ පිළිරුවට පුෂ්පෝපහාරයක් පැවැත්වීමට ගාමිණී දිසානායක පදනම කටයුතු සංවිධානය කර ඇති අතර, එදිනම ප.ව. 2.30ට රාජගිරිය පිහිටි වික්ටෝරියා සුවකළ නොහැකි රෝගීන් ගේ නිවාසයේ නේවාසික රෝගීන් උදෙසා සවස තේ පැන් දානයක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

එසේම කොළඹ 08 ජයවර්ධනාරාමාධිපති දේවහන්දිය පඤ්ඤාසේකර නායක ස්වාමින් වහන්සේ වැඩම කරවා විශේෂ ධර්ම දේශණයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කොට ඇති බවද ගාමිණී දිසානායක පදනම දැනුම්දී සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න