මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ගිං නිල්වලා ව්‍යාපෘතියට වෙන් කළ කෝටි ගණනක මුදල් නිරුපමා රාජපක්ෂගේ සහ තිරුනඩේසන් ගේ ගිණුම්වලට ගොස් ඇති බවට කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යෝජනා කර ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා මේ යෝජනාව ඉදිරිපත් කර සිටියේ පාර්ලිමේන්තුවේදී වීම විශේෂ සිදුවීමක් වන අතර එම යෝජනාව , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ස්ථිර කිරීමට කටයුතු කිරීම තවත් විශේෂ සිදුවීමකි.
එහිදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ කවුරුන් හෝ ආරම්භයක් ලෙස මෙය සිදු කළ යුතු බවකි.
විචාරකයන් පවසන්නේ ආණ්ඩුව ගනුලැබූ අදූරදර්ශී ක්‍රියාමාර්ග සහ ඒ නිසා ඇතිවූ ජනතා අප්‍රසාදය ඉතාම ඉහළ බැවින් ආණ්ඩුවේ පාර්ශ්ව මේ ආකාරයට නොබියව විවේචන සහ ආණ්ඩුවේ පැවැත්ම අර්බුදයට යවන ලෙස හැසිරෙමින් ඇති බවයි.
මෙය ඉදිරියේදී සිදුවිය හැකි දේශපාලන පුපුරායාමක පෙරනිමිති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
