තවත් කොරෝනා මරණ 23 ක් :සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,377 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 23 ක් :සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,377 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 23 ක් අද (12) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,377 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 12 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 11 දෙනා පිරිමි පුද්ගලයින් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙකු ද වේ.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 3 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 19 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (12) වාර්තා කරන ලද මෙම මරණ 23 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

3e4fb63a 245163632 4401023600011139 1856537811098028967 n

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න