පළාත් සභා ජන්දය මාර්තුවේ එයි !

පළාත් සභා ජන්දය  මාර්තුවේ එයි !

පළාත් සභා මන්ත්‍රීවරුන් නොමැති වීම රටේ ජනතාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට කරන අසාධාරණයක් බව විදේශ ඇමති ජී එල් පීරිස් පවසයි.

2022 මාර්තු මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් බවත්, කිසිදු බාහිර බලවේගයක බලපෑම යටතේ මැතිවරණය පැවැත්වෙන්නේ නැති බවත් අමාත්‍යවරයා පවසයි.

වසර දෙකක් තිස්සේ ජනතාවට පළාත් මහජන නියෝජිතයින් හමුවී තම ගැටලු ගැන සාකච්ඡා කිරීමට නොහැකි වූ බවත් ඔහු සඳහන් කරන අතර ජනතා අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ වැඩ සටහන් සංශෝධනය කරමින් රජය පළාත් සභා මැතිවරණය කැඳවන බවත් පැවසීය.

තවද මැතිවරණයක් පැවැත්වීම සඳහා නව පළාත් සභා පනතක් අවශ්‍ය බව නීතිපතිවරයා අවධාරණය කළ බවත් ජී.එල්. පීරිස් අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න