තුෂාන්ගේ පණ බේරගන්න : පාරිභෝගික සංවිධාන ජනාධිපතිට ලියයි !

තුෂාන්ගේ පණ බේරගන්න : පාරිභෝගික සංවිධාන ජනාධිපතිට ලියයි !

සතොස ආයතනයේ සිදුවූ බව කියන කුප්‍රකට සුදුලූණු වංචාව ඇතුළුව වංචා දූෂණ අනාවරණය කිරීම හේතුවෙන් ජීවිත තර්ජනයට ලක්ව ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු ඉහළ නිලධාරියකු වු තුෂාන් ගුණවර්ධන ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර ඇත.

අදාළ ලිපිය යොමුකර ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසිනි.

එහි සභාපති රංජිත් විතානගේ යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

10-11-2021

ගරු ජනාධිපතිතුමා

ජනාධිපති ලේකම් කාර්යාලය

කොළඔ 01.

ගරු ජනාධිපතිතුමනි,

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ හිටපු පූර්ණ කාලීන සමාජික තුෂාන් ගුණවර්ධන මහතාට ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන්.!

සතොසෙ ආයතනයේ සුදුලූණු වංචාව හා වෙනත් වංචා හා දූෂණ හෙළිකිරීම නිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ පූර්ණකාලීන සමාජිකත්ව ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ තුෂාන් ගුණවර්ධන මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානාය යොමු කරමි.

තුෂාණ් ගුණවර්ධන මහතා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පූර්ණ කාලීන සාමාජිකයෙක් ලෙස සෘජුව කටයුතු කල මහත්මයෙක් වන අතර මෙරට පාරිභෝගිකියින්‌ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ඔබතුමාද බලාපොරොත්තුවන මෙරට රාජ්‍ය දූෂණය පිටුදැකීම සදහාද කටයුතු කරන පුද්ගලයෙකි. තවද ඔහුට එල්ල වන මෙම ජීවිත තර්ජන නිසා වෙනත් රාජ්‍ය නිළධාරීන්ද රජයේ සිදුවන වංචා දූෂණ හෙළි කිරීම සදහා මැලිබවක් දැක්වීමට හැක. එබැවින් තුෂාණ් ගුණවර්ධන මහාතාට එල්ල වී ඇති ජීවිත තර්ජන පිළිබදව නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඔහුට අවශ්‍ය නිසි ආරක්ෂාව ලබාදෙන ලෙසත් ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ - සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න