චෝදනා මැද බන්දුලගෙන් නිවේදනයක් : වසර 07කට පසුව සතොස ලාභ ලැබුවා !

චෝදනා මැද බන්දුලගෙන් නිවේදනයක් :  වසර 07කට පසුව  සතොස ලාභ ලැබුවා !

කුප්‍රකට සුදුලූණු වංචාව සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචන එල්ල කරමින් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ ක්‍රියාත්මක පසුබිමේ, වසර 7 කට පසුව සතොස පළමු වතාවට ලාභ ලැබූ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඉතිහාසගත වැඩිම ආදායම කෝටි 400ක්, සැප්තැම්බර් මාසයේදී බවත් ඔහු පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින රත්නපුර නගරයේ ලංකා සතොස නව අළෙවි ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් බව වෙළෙඳ අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක සඳහන් අතර එහි වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

යහපාලන ආණ්ඩුකරණයේ දූෂිත ක්‍රියා පිළිවෙලෙහි ගොදුරු බවට පත් වූ ලංකා සතොස ආයතනය, රුපියල් බිලියන 20ක අලාභයක් සමඟ වර්තමාන රජයට උරුම වූ බවත්, ඒ අනුව වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් තමා පත් වීමත් සමඟ විවිධ ව්‍යාපෘති දියත් කරමින් පාරිභෝගිකයාට සහන සලසන අතරතුරම, ලංකා සතොස ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කරගැනීමේ ක්‍රමවේදයන් දියත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

සෑම මසකම රුපියල් මිලියන 100කට වඩා වැඩි අලාභයක් වාර්තා කරමින් පැවති ලංකා සතොස ආයතනයේ, 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09ක කාලයක් තුළ සමස්ත අළෙවිය රුපියල් කෝටි 3000ක් වූ අතර, 2019 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා වාර්තා කළ අළෙවිය රුපියල් කෝටි 1990කි.

ඒ අනුව, ලංකා සතොස ආයතනය විසින්, 2019 මුල් මාස 09 තුළ ලද සමස්ත අළෙවියට සාපේක්ෂව 2021 මුල් මාස 09 දී 50%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

එමෙන්ම, පළමු වතාවට ලංකා සතොස ඉතිහාසයේ මසකදී වාර්තා කළ වැඩිම අළෙවිය පසුගිය සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ බවත්, රුපියල් කෝටි 400ක් වන මෙම අළෙවිය, එතෙක් මෙතෙක් සිදු වූ වැඩිම අළෙවිය වාර්තා කළ අවස්ථාව වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, වසර 07කින් පසුව පළමු වතාවට සැප්තැම්බර් මාසය තුළදී පමණක් වාර්තාගත ලෙස රු.ලක්ෂ 121ක මෙහෙයුම් ලාභයක් ලබා ගැනීමටද ලංකා සතොස සමත් වූ බවත් ප්‍රකාශ කරන ලදී.

මෙම වසර අවසානයට පෙර ලංකා සතොස අළෙවිසැල් පිහිටා නොමැති ප්‍රදේශයන්හි නව ලංකා සතොස අළෙවිසැල් ඇති කිරීමට ද කටයුතු සලසා ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී. ගෝලීය ආර්ථික කඩා වැටීම් හමුවේ වුවද මහජනතාවට සහන සලසමින් මෙවැනි වාර්තාගත ආදායමක් ලබා ගැනීමට කටයුතු කරන ලද සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී.රූබසිංහ මහතා ඇතුළුව, අවංකව හා කැපවීමෙන් රාජකාරී ඉටුකළ අනෙකුත් සියළුම නිලධාරීන් වෙත ද අමාත්‍යවරයා මෙහිදි සිය ප්‍රශංසාව පළ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවල, පාර්ලිමේන්තු මන්ත්‍රිණී මුදිතා ප්‍රියදර්ශනී, රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපති, සතොස සභාපති ඇතුළු සතොස කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.

මාධ්‍ය ඒකකය,

වෙළෙඳ අමාත්‍යාංශය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.