ගුරු විරෝධතාවලට බිත්තර තක්කාලි ප්‍රහාර ගැන අනතුරු ඇඟවීමක් !

ගුරු විරෝධතාවලට බිත්තර තක්කාලි ප්‍රහාර ගැන අනතුරු ඇඟවීමක් !

නැවත විරෝධතා ආරම්භ කර තිබෙන ගුරු විරෝධතාකරුවන්ට ජනතාව තරවටු කරන කරමින් යන බව දුටු බවත්, ඊළඟ අවස්ථාවේ ඇතැම් විට කුණු බිත්තර තක්කාලි ගහන තත්වයට පත්වනු ඇතැයි ආණ්ඩු පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අනතුරු අඟවයි.

මුදලට ජාතියේ අනාගතය පාවාදෙන්න එපා යැයි ආදරණීය ගුරු මෑණිවරුන් ගෙන් පියවරුන්ගෙන් වැඳ නමස්කාර කර ආයාචනා කරන බවත් ඔහු පවසයි.

එසේ වුවහොත් ගුරු ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලෙසෙනු ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා ඒ නිසා 21 වෙනිදා පාසලට ගොස් සහයෝගය ලබාදෙන්නැයි කාරුණිකව ඉල්ලා සිටින බවද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මෙසේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසූ අතර කොරෝනා වසංගතය මේ ආකාරයට පාලනය කර ගත්තේ ඉතා අමාරුවෙන් බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ අනතුරු ඇඟවීමක් කරන්නේ , පසුගියදා ගුරු විදුහල්පති වෘත්තීය අරගල විරෝධතා වෙත පැමිණ බාධා කිරීම පිටුපස සිටියේ ආණ්ඩුව පාර්ශ්වයෙ ආධාරකරුවන් බව සමාජ මාධ්‍ය වල අනාවරණය කරමින් ඇති පසුබිමකය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න