ආණ්ඩුව ගැසට් රිවර්ස් කරද්දී : ඩඩ්ලි සහල් මිල දන්වයි !

ආණ්ඩුව ගැසට් රිවර්ස් කරද්දී : ඩඩ්ලි සහල් මිල දන්වයි !

සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර සහ තොග මිල ගණන්වලට අදාළ ගැසට් පත්‍ර අවලංගු කිරීමට ඊයේ (27) කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ සමග සහල් සඳහා නව සිල්ලර මිලක් නියම කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, ඩඩ්ලි සිරිසේන මේ බව පැවසීය.

සහල් වර්ග තුනක් සඳහා මෙසේ නව සිල්ලර මිල නිවේදනය කර ඇත.

ඒ නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු 115.00 ක්, සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රු 140.00ක් සහ කිරී සම්බා කිලෝවක සිල්ලර මිල රු 165.00 ක් වශයෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න