පසුගියදා ගිනි අවියක් පෙන්නා බස්රථ රියදුරෙකුට පහරදුන් පළාත් සභා මන්ත්‍රීවරයා සහ බිරිඳ භාවිත කළ ගිනි අවිය 2018 වර්ෂයට අදාළව බලපත්‍ර ලබාගෙන නොමැති ගිනි අවියක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඩී. පණ්ඩිතරත්න මහතා ප්‍රකාශ කරයි.
මේවනවිට සිවිල් පුද්ගලයෙක් සතුව බලපත්‍රලාභී පිස්තෝල 1300 ක් පමණ ඇතැයි ද අතිරේක ලේකම්වරයා පැවසිය.
මීට අමතරව කෘෂිකාර්මික කටයුතු සඳහා නිකුත් කර ඇති ගිනි අවි 19.000 ක් පමණ ඇති බවත් පසුගිය පොදු සමා කාලය තුලදී ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාර දුන් නීති විරෝධී ගිනි අවි ප්‍රමාණය දහසකට අධික බවත් ඒ මහතා සඳහන් කළේය.
දෙදහස් දහඅට වර්ෂයට අදාළව බලපත්‍ර ලබා නොගත් ගිනි අවි පිළිබඳව තම අමාත්‍යාංශය තවම ගණන් බලා නොමැති බවත් මාර්තු මාසය අවසානයේ පමණ ඒ පිළිබඳ අවසාන නිගමනයකට එළැඹීමට හැකි බවත් හෙතෙම කීහ.
එසේම ශ්‍රී ලංකාව තුළ ඇති නීති විරෝධී ගිනි අවි ප්‍රමාණය පිළිබඳව විමසද්දී ඔහු ප්‍රකාශ කළේ තම අමාත්‍යාංශය සතුව එම තොරතුරු නොමැති බවය.

